උතුරේ රුක්රෝපණ

පාරිසරික

යාපනය දිස්ත‍‍්‍රික්කයේ රුක්රෝපණ වැඩසටහනට මහජන බැංකුව අනුග‍‍්‍රහය දක්වයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව සහ යාපනය විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව එක් ව රුක්රෝපණ ව්‍යාපෘතිය සංවිධාන කරන ලදී.

මෙරට පරිසර පද්ධතිය ශක්තිමත් කරමින් සහ ආරක්ෂා කරමින් හරිත අනාගතයක් ගොඩනැගීමේ අරමුණින් දියත් කළ මෙම ව්‍යාපෘතිය යටතේ යාපනය දිස්ත‍‍්‍රික්කය තුළ පැඵ 1000 ක් රෝපණය කර තිබේ.

මහජන බැංකුව මේ සඳහා අනුග‍‍්‍රාහකත්වය ලබාදුන්නේ මෙරට හරිත බැංකුකරණයේ ප‍‍්‍රමුඛයා ලෙස පාරිසරික සමතුලිතබව රැුකගනිමින් තිරසර අනාගතයක් සඳහා පදනම් වන මෙම ව්‍යාපෘතියට සවියක් වීමේ අරමුණිනි.

ව්‍යාපෘතියට සමගාමී ව හරිත අනාගතයක් ගොඩනැගීම සහ දේශගුණික විපර්යාස යන තේමා යටතේ උතුරු පළාතේ පාසැල් දරු දැරියන් සඳහා රචනා සහ චිත‍‍්‍ර ප‍‍්‍රදර්ශනයක් පැවැත්විණ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී මහාචාර්ය විපුල යාපා,ආචාර්ය සම්පත් සෙනෙවිරත්න, ආචාරිනි මයුරි විජේසිංහ, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාරිනි වසන්ති ආරසරත්නම්, විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය ආර්. විග්නේෂ්වරන්, විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා අංශයේ ප‍්‍රධානී ආචාර්ය ආර්. ගනේෂ්වරන් මෙම ව්‍යාපෘතිය අධික්ෂණය කරන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/08/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9d%e0%b6%b4%e0%b6%ab/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *