ගම්පහ පාසල් වැසේ

ප්‍රදේශීය

ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් මැයි 28 වැනි දා වසා තැබේ.
මතුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගලා ඇත.
එබැවින් කලාපයට අයත් සියලු පාසල් එදින වසා තැබීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ඇතැම් ප්‍රදේශවල සහ අතුරු මාර්ග ආශ්‍රිත ගංවතුර තත්ත්වය මෙතෙක් පහ ව ගොස් නැති බවට අධ්‍යාපන බලධාරීන්ගෙන් සහ මාපියන්ගෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින් ඔහු අදාල තීරණයට එළඹ තිබේ.
එදින වෙනුවට වෙනත් සුදුසු දිනක අදාල අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට ක්‍රියාකරන මෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
පාසල් 30 වැනි දා නැවතත් සුපුරුදු ලෙස පැවැත්වීමට නියමිතයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/08/school-closed-in-gampaha/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *