පැරා ක්‍රීඩා ඇරඹේ

ක්‍රීඩා

‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල – 2017’ ඇරඹේ.
පැවති ත්‍රස්තවාදී යුද්ධයෙන් රණක්ෂිතයට පත් රණිවරුවන් 450 කට අදික පිරිසකගේ ක්‍රීඩා කුසලතා එළිදැක්විම වෙනුවෙන් එය සංවිධාන කරනු ලැබේ.
ක්‍රීඩා උළෙල 22 වැනි දා පෙරවරුවේ,හෝමාගම දියගම ක්‍රීඩාංගණයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
රෙජිමේන්තු 11 කට අයත් ආබාධිත රණවිරුවන් හා දකුණු කොරියාවෙන් පැමිණි මලල ක්‍රීඩකයින් 4 දෙනාගේ ආචාර පෙළපාලියක් ද එහි පැවැත්විණි.
නොවැම්බර් 22 – 24 වැනි දා දක්වා පැවැත්වෙන තරගාවලියට ඉසව් 50 ක් තරගකරුවන් සහභාගි වන අතර ඉන් 100 දෙනෙකු ජාත්‍යන්තර තලයේ තරග සඳහා සහභාගි වූ පැරා ක්‍රීඩකයන් වේ.
දසක දෙකකට වඩා පැරණි යුද්ධ හමුදා ආබාධිත ක්‍රීඩා උළෙල 2010 වසරේ දී එවක යුද්ධ හමුදාධිපතිවරයාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල ලෙස නම් කරන ලදී.
සහභාගි වන ක්‍රීඩකයින්ට පදක්කම් 200 කට ආසන්න ප්‍රමාණයක් පිරිනැමීමට නියමිතයි.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 24 වැනි දා පැවැත්වෙන අතර, ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි ඊට වූ හ.

 

 

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%87%e0%b6%bb%e0%b6%b9%e0%b7%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *