රණවිරු සමරු පහන් පූජාවක්

රටතොට

මියගිය රණවිරුවන් සමරා විශේෂිත ආලෝක පූජාවක් පවත්වන බව ශ්‍රී ලංකා යුද හමුදාව කියයි.

පහන් 28,619 ක් දල්වමින් අදාල ඓතිහාසික අලෝක පූජාව සිදු කෙරේ.

එල්ටිටිඊ ත්‍රස්තවාදයට එරෙහි සිදුකළ මානුෂීය මෙහෙයුමේ දි දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුම් දින යෙදෙන මැයි 19 වැනි දා පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමී ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධාන කරන ඒ සඳහා ශ්‍රී ලංකා නාවුක හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ද සහාය හිමි වේ.

පූජාව 19 වැනි දා කැලණිය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත ය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව එය සංවිධාන කර තිබේ.

හේවිසි නාද මධ්‍යයේ ආගමික වතාවත් සහ ගිලන් පස පුජාවන් සිදුකර, ජනාධිපතිවරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පතිවරයා,සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සහ මියගිය රණවිරු පවුල්වල ඥාතීන් විසින් පහන් දැල්වීමට නියමිත ය.

මේ අතර, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක මූලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, බලසේනා, ඒකක, යුද්ධ හමුදා පුහුණු පාසල්, භට කාර්ය සම්පාදන අණසක, රෙජිමේන්තු
මධ්‍යස්ථාන, ක්‍ෂේත්‍ර මූලස්ථාන සහ රණවිරු සුභසාධන මධ්‍යස්ථානයන් හි 18 වැනි දා පෙරවරු 9.30 ට රණවිරු සැමරුම ආරම්භ කිරිමට නියමිත වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/%e0%b6%bb%e0%b6%ab%e0%b7%80%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%94-%e0%b6%b4%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *