රාජ්‍ය නර්තන උළෙල

ඔබේ ඉඩකඩ

රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මැයි 04 වැනි දා පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් එය සංවිධාන කර තිබූ අතර, නර්තන කලාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් ද ඇගයීමට ලක් කෙරිණි.

ජීවිතයේ එක් වරක් පමණක් පිදුම් ලබන නර්තනතිලක සම්මානයෙන් ප්‍රවීණ නර්තනවේදී එස්.පී. කවිසේන සහ ප්‍රවීණ නර්තනවේදීනී වසන්ති කුංචිදපාදම් පිදුම් ලැබූ හ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල, රාජ්‍ය නර්තන උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රංජිත් ආරියරත්න කළුආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b6%b1-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *