විජයබාහු මෝටර්ක්‍රොස් මෙවරත්

ක්‍රීඩා

විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය මෙවරත් අතිඋත්කර්ෂවත් ව සංවිධාන කර ඇතැයි එම සංවිධායක කමිටුව කියයි.

ශ්‍රී ලංකා යුුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුව,ශ්‍රී ලංකා ධාවනපැදිකරුවන්ගේ සංගමය හා එක් ව මෙවරත් එය සංවිධාන කරන්නේ 16 වැනි වරට ය.

මෙවර තරගාවලිය ජුනි 17 වැනි ඉරිදා කුරුණෑගල,බෝයගනේ විශේෂයෙන් නිර්මිත විජයබාහු මෝටර්ක්‍රොස් ධාවන පථයේ දී පැවැත් වේ.

යතුරුපැදි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාත්‍යන්තර හා දීපව්‍යප්ත තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එමගින් ලැබෙන ආදායම විජයබාහු රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවි පිදූ,ආබාධිත තත්ත්වයට පත් සහ ක්‍රියාකාරී සේවයේ නිරත සාමාජිකයින් සහ එම පවුල්වල සුබසාධනය උදෙසා යෙදවෙන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් අජිත් කාරියකරවන පැවසී ය.

ඒ ඉකුත් දා ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පිණිස කොළඹ මිරාජ් හෝටලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

වයස අවුරුදු 07 – 10 අතර කුඩා දරුවන්,ත්‍රිවිධ හමුදා සාමාජිකයින්,සෙසු තරගකරුවන් වෙනුවෙන් මෙවර තරග ඉසව් 17 ක් පමණ සංවිධාන කර ඇති බව ශ්‍රී ලංකා ධාවනපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් තිරුපති රඝුනාදන් සඳහන් කළේ ය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති උපාලි දසනායක,තරග කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන සහ අනුග්‍රාහක සමාගම් නියෝජනය කරමින් අදාල නියෝජිතයින් අදහස් දක්වන ලදී.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ ටීවීඑස් ලංකා පුද්ගලික සමාගමයි.

සෙසු අනුග්‍රාහකයින් ලෙස මාර්ස් හෝල්ඩින්,ඒසර් මාර්කටින්,ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්,හචිසන්,හොන්ඩා,සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්,සියැට් කැළණි ඉන්ටර්නැෂනල් සමාගම් එක් ව තිබේ.

ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව නිල රූපවාහිනී මාධ්‍ය ලෙස කටයුතු කරන අතර,17 වැනි දා පෙරවරු 08.00 සිට තරගාවලිය ඒ ඔස්සේ සජීව ව ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිල සයිබර් මාධ්‍ය දායකත්වය සපයන්නේ ලක්දන ප්‍රවෘත්ති වෙබ් අඩවියයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/246/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *