තම්මැන්නා රෝහලට පරීක්ෂණයක්

අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියම කරයි. හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූවන් 03 දෙනෙකු අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරිමට යාමේ දී වෛද්‍යවරයෙකු නොමැති බව පවසා ඇතුළත් කර නොගැනීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දැනුම් දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අපනයන මත්ස්‍ය කර්මාන්ත කලාපයක්

උතුරට තවත් අපනයන මත්ස්‍ය කර්මාන්ත කලාපයක් හිමි වනු ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි කියයි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7. 5 ක ආයෝජනයක් සිදු කිරීමට ඉන්දියානු ආයෝජකයින් පිරිසක් එකඟ ව තිබේ. දෙපාර්ශ්වය අතර විශේෂ සාකච්ඡාවක් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ දී 24 වැනි දා පැවැත්විණ . මෙහිදී ආයෝජකයින් පැවසුවේ අමෙරිකාව ඇතුළු රටවලට අපනයනය සඳහා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අනවසර ඉන්දීය ධීවරයින්

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඔවුන් සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රා 02 ක් ජුලි 23 වැනි දා නාවුක හමුදා භාරයට පත් ව ඇත . උතුරු නාවුක විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ වෙරළආරක්‍ෂක යාත්‍රාවක් මඟින් කන්කසන්තුරෙයි ප්‍රදීපාගාරයට වයඹ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දරුවන්ගෙන් වාසි ගන්න එපා!

පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් වෙතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. එබැවින් බුද්ධිමත් ව කටයුතු කරන්නැයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී. වර්ජන සිදුකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටින පරිදි අසාධාරණ හේතු දක්වමින් ඇතැම් වෘත්තීය සමිති විසින් පාසල් අධ්‍යාපන පද්ධතිය බිදදැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවත් ජනතාව මේ අනතුරුදායක තත්වය නිවැරදිව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රිමෝටයෙන් පුත්තලමට ජලය

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දුරස්ත සන්නිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කරයි. ජනාධිපති කාර්යාලයේ සිට 24 වැනි දා පස්වරුවේ ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමී ව ක්‍රියාත්මක “ගම හදන ගමන” වැඩසටහනේ පළමු වැඩසටහනට අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට එමගින් ජලය සැපයේ. ජනාධිපතිවරයාගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස්පති දිනය නෑ..

ජූලි 27 වැනි දා පොලිස්පති මහජන දිනය නොපැවැත් වේ. ඇසල පුර පසළොස්වක පෝය එදිනට යෙදීම ඊට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පිටකොටුවේ ගින්න පාලනයට

ජූලි 24 වැනි දා පස්වරුවේ පිටකොටුව,මැලිබන් වීදියේ 05 මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය කළ බව පොලීසිය කියයි. විසිතුරු භාණ්ඩ ගබඩාවක් වූ එහි වූ ගින්න පාලනයට කොළඹ නාගරික ගිනිනිවීම් ඒකකයේ ද සහාය හිමි ව ඇත. ගින්නෙන් කිසිදු තුවාල හෝ ජීවිත හානි වාර්තා නොවේ. ගින්නට හේතුව තවමත් අනාවරණ වී නොමැත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මොරගහකන්දෙන් විදුලිය..

මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතිය මගින් නිපද වූ විදුලිබලය ජාතික විදුලිබක පද්ධතියට එක්කෙරේ. එමගින් මෙගා වොට් 25 ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක්කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කෙරුණේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතිනි. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, කතානායක කරූ ජයසූරිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ජයවික්‍රම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාලමේ තත්ත්වෙ කොහොම ද?

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතියේ ඩී 01 උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අළුත්වැඩියා කටයුතු 21 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරීක්ෂණයට ලක් විය. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට කුඹුරු අක්කර 20,000 කට පමණ ජලය ගෙන එන ප්‍රධාන ඇල මාර්ගය වන උතුරු ඇලේ ජල පැන්නුම සහිත පාලමක් ලෙස භාවිතා කළ ගිනිපෙට්ටි පාලම කැඩීයාම නිසා ගොවි ජනතාවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න