ජනතාවට ගුණාත්මක පොල්තෙල්

ව්‍යාපාරික

වෙළෙඳපොලේ ආහාරයට ගන්නා තෙල් වර්ග සහිත ඇසුරුමෙහි අදාල තොරතුරු ප්‍රදර්ශනය අනිවාර්යය කිරීමට පියවර ගැනේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න පැවසුවේ ප්‍රමිතියෙන් තොර තෙල් වර්ග හේතුවෙන් එම පියවරට එළඹි බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීම්වල දී ආහාරයට ගන්නා පොල්තෙල් ගබඩා කර තිබූ බැරල් ආදී බහාලුම්වල පැවති අවිධිමත් බව, අපිරිසිදු බව සහ ගුණාත්මක අතින් පහත් තත්තවයේ ආදි වශයෙන් පාරිභෝගිකයන් නොමඟ යවන කටයුතු හේතුවෙන් මෙම පියවරට එළඹ ඇත.

ඒ අනුව ආහාරයට ගන්නා තෙල් වර්ග සිල්ලරට හෝ තොග වශයෙන් අලෙවි කරනු ලබන සියලු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් විසින් බෝතල්, බහාලුම් හෝ ඇසුරුමෙහි කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, පරිමාව හෝ බර, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය පැහැදිලි ව එහි මුද්‍රණය කළ යුතු වේ.

තොග වශයෙන් ආනයනය කර නැවත අසුරා බෙදා හරින්නේනම් ආනයනය කරන ලද දිනය සහ නැවත ඇසුරුම් කරන ලද දිනය ද මුද්‍රණය කළ යුතු ය. එසේම මිශ්‍ර තෙල් වර්ගයක් නම් මිශ්‍රණයේ අඩංගු තෙල් වර්ග සහ එහි ප්‍රතිශත සඳහන් කර ඒවා මිශ්‍ර කරන ලද හෝ මිශ්‍ර කරන ලද තෙල් බවට ප්‍රකාශයක් සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/18/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *