මහවැලි ක්‍රීඩා සාර්ථක ව අවසන්

ක්‍රීඩා

30 වැනි මහවැලි ක්‍රිඩා උලෙළේ් සමාප්ති උත්සවය 16 වැනි දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

”ස්වයංපෝෂිත යුගයක් ” මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්, තේමාව යටතේ ඇරඹි ක්‍රීඩා උළෙලට මහවැලි කලාප 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000ක් පමණ එක් වූ හ.

ක්‍රිඩා උලෙළ ඉසව් 42 කින් සමන්විත වන ලදී.

සමාප්ති උත්සවයේ දී දක්ෂතම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව, හොඳ ම මහවැලි කලාපය ඇතුළු ජයග්‍රාහක කණ්ඩායම් වෙත ජය සංකේත පිරිනැමිණ.

ආසියානු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු ක්‍රීඩිකාවන් ද ඊට එක් ව සිටි අතර ඔවුන් වෙනුවෙන් මහවැලියෙන් පිරිනමන ලද විශේෂ සමරු තිළිණය සහ ඩයලොග් ආයතනය විසින් පිරිනමන ලද විශේෂ තිළිණය ජනාධිපතිවරයා විසින් පිරිනමන ලදී.

ඉදිරි වසර 03 තුළ අදාල ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා අනුග්‍රහය ලබාදීමට රජයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආයතනය ඉදිරිපත් ව සිටින අතර, එය ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

අමාත්‍ය මහින්ද අමරවීර, තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රි, ජගත් පුෂ්පකුමාර ඇතුළු මහජන නියෝජිතයින්, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන ඇතුළු නිලධාරින් මීට එක් ව සිටිය හ.

තවත් ඡායාරූප – https://www.facebook.com/lakdana/posts/1733757336753622?__xts__[0]=68.ARCnrVbZ9uKg4sptpczXFM4dWRtEIoQXb5E8hbSdJ22oVd-k6N5mZeuzN4y4rCSKk8dAwjriroHwijPoDctJLHmpPCZiVczFeo4qdy6gT9FcYWSxkAFnt09_RvReB5feFToH0JuCreEy2nzJI_dSJ_xNFZkcOjNRb-Sr66NPMZaelek3Fjigng&__tn__=-UC-R-R

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/18/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b6%9a-%e0%b7%80-%e0%b6%85/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *