උසස්පෙල සිසුන්ට ජාතික වැඩසටහනක්

අධ්‍යාපන

වත්මන් ශ්‍රම වෙළෙඳපොළ නව ප්‍රවණතා හා උසස් අධ්‍යාපනික අවශ්‍යතා පිළිබඳ පාසල් සිසුන්, තරුණ තරුණියන් හා වෘත්තිකයින් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමත්, වෘත්තීය අවස්ථා සම්පාදනයත් කාලීන අවශ්‍යතාවක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඒ සඳහා ආරම්භක පියවර වශයෙන් අ.පො.ස. (උසස් පෙළ) සිසුන් ඉලක්ක කරගනිමින් ජාතික මට්ටමේ වැඩසටහනක් සංවිධාන කර ඇත.
“19+ ජයග්‍රාහී මාවතක් කරා…” අධ්‍යාපනික රැකියා වෙළෙඳ ප්‍රදර්ශනය දීපව්‍යප්ත ව පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව ඔහු පෙන්වා දේ.

ඔක්‍3තෝබර් 03 වැනි දා සිට 07 වැනි දා දක්වා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාල‍යේ දී පැවැත්වීමට නියමිත පළමු ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා 20 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම ඒ බව පැවසී ය.

එහි දී විවිධ අධ්‍යාපනික මට්ටම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම හැකියාවන්ට හා ළැදියාවන්ට අනුව අදාල ආයතන හා සම්බන්ධ වෙමින් වෘත්තිය මාර්ගෝපදේශකයන් වෙත යොමුවීම සහ උසස් අධ්‍යාපනික ප්‍රවේශ සඳහා මඟපෙන්වීම අපේක්ෂිත අතර ඒ සඳහා විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාර්ගෝපදේශය සැලසීමට අවස්ථා සම්පාදනය කිරීමට ද සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ප්‍රදර්ශනය සඳහා ඉලක්ක කර ඇත්තේ බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරුමැද, මධ්‍යම පළාත්වල අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සමත්/අසමත් සිසු දරුවන් 12, 13 ශ්‍රේණිවල සිසුන් ගුරුවරුන් වෘත්තිකයින් ඇතුළු ප්‍රදේශයේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳව දැක්මක් ඇති කිරීම පිණිසයි.

රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන රැසක් එක් වන ප්‍රදර්ශනයේ දී උසස් අධ්‍යාපනය සඳහා ණය ලබාදීම සඳහා කටයුතු කරන රාජ්‍ය බැංකු ඒ සම්බන්ධ ව දැනුවත් කිරීමේ සහ පහසුකම් සැලසීමේ වැඩසටහන් පැවැත්වීමට ද නියමිත අතර විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාග සහතික නිකුත් කිරීම හා අඩු මුදලට පාසල් පොත් ලබාගැනීමේ අලෙවි කුටි, ප්‍රධාන ප්‍රකාශන ආයතන විසින් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

මෙම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ අතිරේක ලේකම් අශෝක සේනානි, අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් සහභාගී වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/20/%e0%b6%8b%e0%b7%83%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%99%e0%b6%bd-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%90/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *