ගෝමරන්කඩවලට අලි වැටක්

ප්‍රදේශීය හමුදා තොරතුරු

ගෝමරන්කඩවල ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කළ අලි වැට විවෘත කෙරේ.

කිලෝමීටර 30 ක් දීර්ඝ වූ එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 20 වැනි දා පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණ.

ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 21.2 කි. ග්‍රාමීය ජනතාවට දැඩි අර්බුදයක් වූ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදු වන හානි අවම කරගැනීමට එමගින් හැකියාව ලැබේ.

අලි වැට ඉදිකිරීම සඳහා ගස් කඳන් වෙනුවට කොන්ක්‍රිට් කණු භාවිත කරන ප්‍රථම අවස්ථාව මෙයයි. අදාල කොන්ක්‍රිට් කණු යුද හමුදාව විසින් නිෂ්පාදනය කර ඇත.

උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරත්න සිංගම්, ත්‍රිකුණාමල ආසන සංවිධායිකා ආරියවති ගලප්පත්ති ඇතුළු නැගෙනහිර පළාතේ මහජන නියෝජිතයන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක පුෂ්පකුමාර, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරණ, සිරිසර පිවිසුම ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නෙරංජන් රාමනායක, ඉදිකිරිම් අධ්‍යක්ෂ නිලධාරි මේජර් චමික ජාගොඩ ඇතුළු නිලධාරින් මීට එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/20/%e0%b6%9c%e0%b7%9d%e0%b6%b8%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *