පොලිස්පතිවරයා හට ඉල්ලා අස්වන මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි සඳහන් මාධ්‍ය වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
සැප්තැම්බර් 20 වැනි දා පස්වරුවේ විශේෂ ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කාර්යාලය ඒ බව දන්වා තිබේ.
එදින පෙරවරුවේ ඇතැම් මාධ්‍ය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයි ප්‍රචාරය කර තිබිණ.
අගමැති කාර්යාලයේ අදාල ලිපිය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල වාර්තා අසත්‍ය බවයි.