අතුරුදන්වූවන් සම්බන්ධයෙන් අනුකාරක සභාවක්

දේශපාලන

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අනුකාරක සභාවක් පිහිටුවේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් අනතුරුව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ සභාපතිත්වය යටතේ
තවත් අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආචාර්ය සරත් අමුණුගම,රාවුෆ් හකීම්,වජිර අබේගුණවර්ධන,මහින්ද අමරවීර,
රංජිත් මද්දුම බණ්ඩාර,පලනි දිගම්බරම්,තලතා අතුකෝරළ,මනෝ ගනේෂන් හා මහින්ද සමරසිංහ පත් කර ඇත.

අනුකමිටුවට සහාය වීම හා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා සහායක කමිටුවක් පත්කිරිම නිර්දේශ වී ඇති අතර, එම සහායක කමිටුව සමන්විත වන්නේ නීතිපතිවරයාගේ සහ /හෝ එතුමාගේ නියෝජිතයෙක්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
ලේකම් හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයෙක්, රාජ්‍ය පරිපාලන,කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක්, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙකුගෙනි.

ජාතික සමගිය හා සහජිවනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අනුකමිටුවේ කැඳවුම්කරු ලෙස පත්කිරීම සදහා යෝජනා කර ඇති අතර මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරිමට ඉදිරි වසර 03 ක (2019-2021 )කාලය සඳහා
ජාතික අයවැය මගීන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමට ද නිර්දේශ වී ඇත.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් 2018 අගෝස්තු මස 05 වැනි දින ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව මගින් හානි පූර්ණය සඳහා වන නෛතිත වගකීම සඳහා වන පියවරත්, එවැනි සිදුවිම් යළි සිදු නොවීමට වග බලාගැනීම සඳහා වන නෛතික ප්‍රතිසංස්කරණ සිදුකිරීම පිළිබඳත් සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

හානියට පත් පාර්ශ්ව වෙත මුල්‍යාධාර වැඩසටහන්, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහන ලබාදීමේ වැඩසටහන් , වෘත්තීය පුහුණු හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරිමේ වැඩසටහන් සම්බන්ධයෙන් වන නිර්දේශ ද ඉදිරිපත් කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/22/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%96%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba%e0%b7%99/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *