දිළිඳු පවුල් 02 කට නිවාස

ප්‍රදේශීය

යාපනය ප්‍රදේශයේ දිළිඳු පවුල් 02 කට නව නිවාස පිරිනැමේ.

විකාෂ් ශංකර්ගේ 22 වැනි උපන්දිනය වෙනුවෙන් එම දෙමාපියන්ගේ මුල්‍ය දායකත්වයෙන්,ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම නිවාස ඉදි කර ඇත.

අලවෙඩ්ඩි සහ පලාලි දකුණ ග්‍රාමසේවා වසම් හි දිළිඳු පවුල් 02 වෙනුවෙන් නිවසට අවශ්‍ය සියලු උපකරණ ද සමග ප්‍රදානය සිදුකෙරිණි.

සැප්තැම්බර් 21 වැනි දා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන්, යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් නිවාස පිරිනමන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/22/%e0%b6%af%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b4%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-02-%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%83/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *