නබඩගස්දිගිලිය වැව ප්‍රතිසංස්කරණයට

ප්‍රදේශීය

අනුරාධපුර මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව ප්‍රතිසංස්කරණය ඇරඹේ.

එල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ දීපව්‍යප්ත ක්‍රියාන්විතය යටතේ 21 වැනි දා පෙරවරුවේ එය ආරම්භ කෙරිණි.

සුබ මොහොතින් පළමු පස් පිඩැල්ල කැපූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ ය.

මහවැලි කලාපවල ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු 2500 ක් ප්‍රදානය සංකේතවත් කිරීම හා තණකොළ කපන මැෂින් ප්‍රදානයක් ද සිදු කෙරිණි.

අමාත්‍යව දුමින්ද දිසානායක, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, ශාන්ත බණ්ඩාර ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් පී.එම්. වන්නිනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/22/%e0%b6%b1%e0%b6%b6%e0%b6%a9%e0%b6%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *