අක්ෂි එන්නත පිළිබඳ විමර්ශනයක්

සෞඛ්‍යය

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයේ දී රෝගීන් සංකූලතාවට පත් කළ එන්නත පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වේ.

අදාල සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 දෙනෙකු විවිධ සංකූලතාවන්ට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන මෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් ලබා දී ඇත.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට එක් ව සිටින අමාත්‍යවරයා දුරකතනයෙන් අදාල උපදෙස් ලබාදුන් බව අමාත්‍යාංශ්‍ය කියයි.

නුවරඑළිය මහරෝහලේ අක්ෂි රෝග සායනය වෙත ලබා දී ඇති එන්නත් තොගය තාවකාලික ව භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර වෙත දැනුම් දී තිබේ.

අක්ෂි සායනයට ඉකුත් දා රෝගීන් 55 දෙනෙක් පැමිණි අතර ඔවුන්ගෙන් 17 ක් මෙම සංකූලතාවන්ට ගොදුරු වූ බව ප්‍රකාශ කරමින් නැවත රෝහල්ගත වී ඇත. එම රෝගීන්ට ද යළි ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, ඔවුන් ද සුව අතට පත් වන බව රෝහල් වාර්තා පෙන්වා දේ.
අදාල එන්නත භාවිත කළ වෙනත් රෝහල්වල අක්ෂි සායනවලින් මෙවැනි තත්ත්වයක් වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,එන්නත වැඩිදුර පරීක්ෂණ සදහා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයට යොමු කරන බව අවධාරණය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/24/%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92-%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6%e0%b6%b3-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *