කුරුණෑගලට ඉඩම් ඔප්පු 2000 ක්

ප්‍රදේශීය

රජයේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමී ව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව හා යාපහුව මැතිවරණ කොට්ඨාශවල ජනතාවට ඔප්පු පිරිනැමේ.

ගල්ගමුව,ආණමඩුව, මහව, ගිරිබාව, අඹන්පොල සහ ගල්කිරියාගම යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි දීර්ඝ කාලයක් රජයේ ඉඩම්වල ජීවත් වූ පවුල් 2000 කට ආසන්න ප්‍රමාණයකට අදාල ඉඩම් ඔප්පු ලබාදීම සැප්තැම්බර් 21 ඊයේ දින ගල්ගමුව – පළුකන්දෑව ජනාධිපති විද්‍යාලයීය ක‍්‍රිඩාංගනයේ දී පැවැත්විණ.

ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ආරාධනයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්විණි .

ආගමික සිද්ධස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන හි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔප්පුලාභි පවුල් කිහිපයක් වෙනුවෙන් ඔප්පු ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර සෙසු ඔප්පු අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න, වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක, වයඹ පළාත් ආණ්ඩුකාර එස්. යෝගේස්වරම් ඇතුළු පළාත් සහ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන්, ගල්ගමුව ආසනනයේ එජාප ප්‍රධාන සංවිධායක මොහාන් පෙරේරා, ඉඩම් අමාත්‍යාශයේ ලේකම් ඩබ්. එස්. කරුණාරත්න, කුරුණෑගල දිසාපති ගාමිණී ඉලංගරත්න ඇතුළු ප්‍රදේශිය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින්, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනිය අමුත්තන් රැසක් එක්වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/24/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%91%e0%b6%9c%e0%b6%bd%e0%b6%a7-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%94%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%94-2000-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *