අමෙරිකානු වෛද්‍ය තාක්ෂණය ලංකාවට

සෞඛ්‍යය

නවීන අමෙරිකානු වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සපථ වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

අමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාගන් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති හමුවක දී මෙම එකඟතාව හිමි ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි සැසිවාරයට සමගාමී ව මෙම සමුළුව පවත්වන ලද්දේ අමෙරිකානු සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ය.

එහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දර්ශක අමෙරිකානු සෞඛ්‍ය දර්ශක හා සමාන වෙනවා. ආර්ථීක ගැටළු ප්‍රශ්නයක් නොවෙයි. තීන්දු අරගෙන ක්‍රියාත්මක කිරිම තමයි වැදගත්.”

දකුණූ සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශකවලින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ පසුවන බව තමා දන්නා බව අමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීම හෙතෙම පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය එස්. සුබසිංහ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය. එච්.එම්.එම් රූමි ද එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/30/%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *