ජපාන නෞකා 02 ක් දිවයිනට

හමුදා තොරතුරු

ජපාන ස්වයංආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා 02 ක් කොළඹ වරායේ නැංගුරම් ලයි.

‘කාගා’ සහ “ඉනසුමා” නමැති නෞකා සුහද සංචාරයක් සඳහා සැප්තැම්බර් 30 වැනි දා එහි සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් නාවුක සම්ප්‍රදායානුකූල ව නෞකා පිළිගන්නා ලදී.

‘කාගා’ නෞකාව දිගින් මීටර් 248 ක් හා ටොන් 19,950 ක ධාරිතාවකින් යුක්ත වන අතර, 400 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වේ.

“ඉනසුමා” දිගින් මීටර් 151 කි. ධාරිතාව ටොන් 4,550 ක් වේ. එහි නැව් මුළුව 170 කි.

දින 05 ක නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකා, දිවයිනේ රැදී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් සංවිධාන කරන සුහද ක්‍රීඩා තරග ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිත ව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 04 වැනි දින නෞකා ‍කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතයි.

ජපාන ස්වයංආරක්ෂක සාගරික බලකායේ 04 වැනි නාවුක ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා, ‘කාගා’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් හිඩේකි මිෂුටා සහ ‘ඉනසුමා’ නෞකාවේ අණදෙන නිලධාරි, කොමාන්ඩර් යුකී ඕචිමීෂු යන නිලධාරින් ඔක්තෝබර් 01 වැනි දා නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ හමුවීමට ද නියමිත වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/30/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b1%e0%b7%9e%e0%b6%9a%e0%b7%8f-02-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *