පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමති හිතවතුන්ට…?

0
50

ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් ඇමතිවරයෙකුගේ හිතවතුන්ට බෙදා දීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා.

පරිසර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ලබන අඟහරුවාදා (28) ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ යම් හෙයකින් මෙම කැබිනට් පත්‍රිකාව අනුමත වුවහොත් වනාන්තර සංරක්ෂණය සඳහා කැපවී සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක කිහිපයක ප්‍රතිඵලයන් ගඟට කැපූ ඉනි සේ අපතේ යන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ උසම කන්දේ උසම ස්ථානයේ පිහිටි අගනා කඳුකර වනාන්තර පද්ධතියක් සහමුලින්ම විනාශ කිරීම සිදුවන්නේ ය.

එපමනක් නොව දැනටමත් මෙම අනවසර වගාකරුවන් විසින් සිදු කරනු ලබන එලවළු වගා කිරීම් තුළින් සහ ඒවාට යොදන අධික කෘෂි රසායන ප්‍රමාණය නිසා ප්‍රදේශයෙන් ආරම්භ වන ජලය මූලාශ්‍ර සහ ඇලදොල දැඩි ලෙස රසායන මගින් අපවිත්‍රව ඇති බවත් එහි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here