අගමැති නෝර්වේ රාජ්‍යයට

දේශපාලන

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා 03 වැනි දා පිටත් ව යයි.

නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන්, විදේශ
ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග හෙතෙම ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අගමැතිවරයා සමග එම සංචාරයට එක්වෙති.

නෝර්වේ සංචාරයෙන් අනතුරුව හෙතෙම ලන්ඩන් නුවර බලා පිටත් ව යෑමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/02/%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%9d%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *