ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වී යැයි කියන මුල්‍ය වංචාවක් පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයා වෙත යොමු කෙරේ.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා පුද්ගලික සමාගම සමග 2013 අප්‍රේල් මස 01 වැනි දින ගිවිසුමක් අත්සන් කර තිබේ.
අදාල ගිවිසුම්ගත මුදලින් අමෙරිකානු ඩොලර් 5,564,404.50 ක් එනම්,50 % ක් ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකිරීම ඊට හේතුවයි.
එසේ මුල්‍ය වංචාවක් සිදු ව ඇති බවට ලද චෝදනාව ඉකුත් සැප්තැම්බර් 10 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
අදාල විමර්ශන මෙතෙක් නිම වී නොමැති හෙයින් ඒ පිළිබඳ සාවද්‍ය මත සමාජගතවීම වැළැක්වීම පිණිස එම විමර්ශන කඩිනමින් සිදුකර අවශ්‍ය නෛතික කටයුතු සිදුකරනා මෙන් පළාත් සභා ,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඔක්තෝබර් 02 වැනි දා ලිඛිත ව පොලිස්පතිවරයාට දන්වා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය කියයි.