ආසියානු දැල්පන්දු තරගාවලියේ සහ කැරම් ලෝක සූරතාවලියේ දී ශී‍්‍ර ලංකාවට කීර්තියක් හිමි කර දුන් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇගයේ.
ඔවුන් ගුවන් හමුදාවට ලබාදුන් අභිමානයට සහ එම දක්ෂතා අගයමින් උපහාර පිදීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල
ජයම්පතිගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 01 වැනි දි ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
එහි දී අදාල ක්‍රීඩක කී‍්‍රඩිකාවන් හට උසස්වීම් හා මුදල් ත්‍යාග ප්රදානය කෙරිණ.
ගුවන් හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව අනුව ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්විමෙි අරමුණින් මෙම වැඩසටහන සංවිධාන කරන ලදී.
ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා කැරම් සංචිත සභාපති ගෲප් කැප්ටන් තුෂාර සිරිමාන්න, ගුවන් හමුදා දැල්පන්දු සංචිත සභාපතිනී ගෘාප් කැප්ටන් සුරේඛා ඩයස්
සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල ලේකම් ගෲප් කැප්ටන් පද්මන් ද කොස්තා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ හ.
එදින උපහාර ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ –
* ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් චතුරංගි ජයසූරිය (ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා)
* සැරයන් සුලේකා කුමාරි (දැල්පන්දු)
* සැරයන් තිලිණි වත්තේගෙදර (දැල්පන්දු)
* නායක ගුවන් කාන්තා දුලංගා ධනන්ජි (දැල්පන්දු)
* නායක ගුවන් කාන්තා යශිකා රාහුබද්ද (කැරම්)
* නායක ගුවන් කාන්තා චලනි ලියනගේ (කැරම්)
* නායක ගුවන් භට උදේශ් පෙරේරා (කැරම්)
තවත් ඡායාරූප ලක්දන ෆේස්බුක් පිටුවේ.