කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කෙරේ.
ඔක්තෝබර් 02 වැනි දා පෙරවරුවේ එය විවෘත කෙරිණ.
විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දැරියන්ට සම්මාන හා තිළිණ ප්රදානය ද එහි දී සිදුකෙරිණ.
ඊට අමතර,විද්‍යාලයේ පරිපාලන කටයුතු වෙනුවෙන් වසර 23 ක් විශිෂ්ට සේවාවක් ඉටුකළ ගුරු මහත්මීන් 02 දෙනෙකු ද ජනාධිපතිවරයා අතින් ඇගයීමට ලක් විය.
විදුහල්පතිනි ආර්.ඒ.එම්.ආර්. හේරත්, ජනාධිපතිවරයා හට විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූවා ය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු ආරාධිත පිරිසක් ද විද්‍යාලයේ විශ්‍රාම ලත් විදුහල්පතිනියන්, ගුරුවරුන්, ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වන ලදී.
තවත් ඡායාරූප ලක්දන ෆේස්බුක් පිටුවේ..