ආඥාපති කුසලාන රුවල් ඔරු තරගාවලියක්

ක්‍රීඩා හමුදා තොරතුරු

‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරගාවලිය සාර්ථක ව නිමා වේ.

ත්‍රිකුණාමලය,නාවුක හා සාගරික විද්‍යාපීඨය ප්‍රථම වරට සංවිධාන කළ තරගාවලිය සැප්තැම්බර් 27 – 29 දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේ දී පැවැත්විණි.

සමාරම්භක උත්සවය පවත්වන ලද්දේ නාවුක හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස සහ යාත්‍රා සංගමයේ සාමාජික සරත් කුරුගමගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති කුමාර් බහාර් අනුස්මර්ණ රුවල් යාත්‍රා සංචිතයේ දී ය.

බං‍ගලාදේශ, ඉන්දියානු සහ පාකිස්ථාන නාවුක හමුදා විද්‍යාපීඨයන්හි පුහුණු වන නිලධාරින්,ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණුව ලබන නිලධාරින් හා නාවුක හා සාගරික විද්‍යාපීඨයේ බඳවාගැනීම් 07 කට අයත් පුහුණු වන නිලධාරින් තරගාවලියට සහභාගී වූ හ.

මෙම තරගාවලිය දින 02 ක් පුරා විවෘත සහ කුසලාන සූරතා වශයෙන් කාණ්ඩ 02 ක් යටතේ පැවැති අතර, තරග 08 ක් පැවැත්විණි.

ඒ අනුව, විවෘත කාණ්ඩයේ සූරතාව ඉන්දියානු නාවුක හමුදාවේ පුහුණු වන නිලධාරින් හිමිකර ගත් අතර, එහි කුසලාන සූරතාව 59 වැනි බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් හිමිකරගන්නා ලදී.

නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නාවුක හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් (පුහුණු), රියර් අද්මිරාල් රසික දිසානායක, ධජ නිලධාරී නාවුක දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ ඇතුළු නාවුක හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින්,නාවුකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටිය හ.

තරග ජයග්‍රාහකයෝ –

කුසලාන සූරතාව
(59 වන බඳවා ගැනීම ‘ඒ’ කාණ්ඩය) මධ්‍ය නිලධාරි ඒඩීඑම් විමලසිරි

මධ්‍ය නිලධාරි ඩීඩීඩීසී වීරසිංහ
මධ්‍ය නිලධාරි ‍ඒකේඩීඑස් ද සොයිසා

පළමු අනුසූරතා
(33 වන බඳවා ගැනීම) මධ්‍ය නිලධාරි ඩබ්එම්සීජේ වීරසේකර

මධ්‍ය නිලධාරි ඊඑම්එස්පී වික්‍රමසිංහ
මධ්‍ය නිලධාරි ඩබ්එන්ජීජීඩී ඉෂාරක

දෙවැනි අනුශූරතාව
(59 වන බඳවා ගැනීම ‘බී’ කාණ්ඩය) මධ්‍ය නිලධාරි ජීආර්එම් වික්‍රමරත්න

මධ්‍ය නිලධාරි කේඒඩීයූ මධුසංක
මධ්‍ය නිලධාරි ආර්ඒ මධුරංග

විවෘත සූරතාව
සූරතාව
ඉන්දියානු නාවුක හමුදා කණ්ඩායම මධ්‍ය නිලධාරි අවිරාල් කෙෂාව්
මධ්‍ය නිලධාරි නිකිහිල් සිං චව්හාන්
ශිෂ්‍යභට නිලධාරි ආදිත්‍ය ජේන්

පළමු අනුසූරතාව
නාවූක හා සාගරික විද්‍යාපිඨ ‘ඒ’ කණ්ඩායම මධ්‍ය නිලධාරි ඩබ්එම්සීජේ විරසේකර
මධ්‍ය නිලධාරි ඊඑම්එස්පී වික්‍රමසිංහ
මධ්‍ය නිලධාරි ඒකේඩිඑස් ද සොයිසා

දෙවැනි අනුසූරතාව
නාවුක හා සාගරික විද්‍යාපිඨ ‘බී’ කණ්ඩායම මධ්‍ය නිලධාරි ඒඩීඑම් විමලසිරි
මධ්‍ය නිලධාරි ඩීඩීඩීසී විරසිංහ
මධ්‍ය නිලධාරි ඩබ්එන්ජිජිඩී ඉෂාරක

විවෘත ලේසර් (Laser Open)
පළමු ස්ථානය ශිෂ්‍යභට නිලධාරි ආදිත්‍ය ජේන් – ඉන්දියානු නාවුක හමුදාව

දෙවැනි ස්ථානය මධ්‍ය නිලධාරි ඒකේඩිඑස් ද සිල්වා – නාවුක හා සාගරික විද්‍යාපිඨය

තෙවැනි ස්ථානය ශිෂ්‍යභට නිලධාරි ඕමිර් ෆාරෝක් – පාකිස්ථානු නාවුක හමුදාව

විවෘත එන්ටර්ප්‍රයිස් (Enterprise Open)
පළමු ස්ථානය මධ්‍ය නිලධාරි අවිරාල් කෙෂාව් සහ මධ්‍ය නිලධාරි නිකිහිල් සිං චව්හාන්
(ඉන්දියානු නාවුක හමුදාව)

දෙවැනි ස්ථානය – මධ්‍ය නිලධාරි ඒඩීඑම් විමලසිරි සහ මධ්‍ය නිලධාරි ඩීඩීඩීසී විරසිංහ
(නාවුක හා සාගරික විද්‍යාපිඨ ‘ඒ’ කණ්ඩායම)

තෙවැනි ස්ථානය – මධ්‍ය නිලධාරි ඊඑම්එස්පී වික්‍රමසිංහ සහ මධ්‍ය නිලධාරි ඩබ්එම්සීජේ විරසේකර
(නාවුක හා සාගරික විද්‍යාපිඨ ‘බී’ කණ්ඩායම

)

තවත් ඡායාරූප ලක්දන ෆේස්බුක් පිටුවේ..

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/03/%e0%b6%86%e0%b6%a5%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%8a-%e0%b6%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *