දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලු පහසුකම් සහ ඉහළ ම පිළිගැනීම ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රතිඥා දේ.
ශ්‍රී ලංකා , එංගලන්ත , ඉන්දීය තුන්කොන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය නොබෝ දිනකින් ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පිණිස 03 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බැව් පැවසී ය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා –
වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් ලෙස දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමය පවත්වාගෙන යා යුතු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාන ලෙස පිළිගැනීමක් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලැබිය යුතු බවත් මගේ විශ්වාසයයි.
සාමාන්‍ය පුද්ගලයකු ලෙස උත්පත්තිය ලැබීම වාසනාවක්. ඒත් මෙවන් පුද්ගලයින්ගේ වියදම් දැරීමට අපොහොසත් වන්නේනම් සමාජ වගකීම නිසිලෙස ඉටු නොවන බවයි මට හැඟෙන්නේ.
දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ලබා දී ඒ සමාජ වගකීම මා ඉටු කරනවා. ඔවුන්ට ලබාදිය යුතු ඉහළ ම පිළිගැනීම ලබා දීමට ක්‍රියා කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලෝක දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව 03 වැනි ස්ථානයේ සිටින්නේ. ඔවුන්ට රටට ජයග්‍රහණය හා ගෞරවය ගෙන ඒමට හැකි බව මගේ විශ්වාසයයි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිසි බලධාරී එච්.ටී. කමල් පත්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමයේ කළමනාකරු චමින්ද පුෂ්පකුමාර ,එම සංගමයේ පුහුණුකරු ලක්ෂාන් දේශප්‍රිය , දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක ප්‍රියන්ත කුමාර සහභාගී වූ හ.