ව්‍යාජ රැකියා ඒජන්සිකරු දැලේ

ප්‍රදේශීය

ඊශ්‍රායල් රැකියා ලබාදෙන ව්‍යාජයෙන් මුදල් වංචාකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඔහු අදාල විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නමැති සැකකරු බලපත්‍ර රහිත ව පුද්ගලයින් විදේශගත කිරීමට නීතිවිරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයින් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත් ද අත්අඩංගුවට පත් ව තිබේ.

හෙතෙම පුස්සැල්ලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් ව ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.100,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

ඔක්තෝම්බර් 26 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා ඔහු හට නියෝග කර තිබේ.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක එච්.එම්.කුමාරසිංහ, පොලිස් පරික්ෂක කේ.කේ.එස්.පී.ෆර්ඩිනෑන්ඩු, පොදු සහකාර සමන්ත ප්‍රේමසිරි යන නිලධාරීන් එක්වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/03/%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%a2-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%92%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *