නීතිය,පාසල් විෂය නිර්දේශයට

දේශපාලන

වර්තමානයේ නඩු 750,000 ක් අධිකරණ තුළ ගොඩ ගැසී ඇතැයි අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

නීතිඥයින් ලෙස තම වෘත්තිය ආරක්ෂා කරගැනීම මෙන් ම නඩු කල්යාම පිළිබඳත් අදාල සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ඇය පෙන්වා දේ.

කෙසේවෙතත් නඩු කල්යාම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව 03 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති ජාතික සමථ දින
උත්සවය අමතමින් ඕ පැවසුවා ය.

එසේ ම නීතිය පිළිබඳ කරුණු පාසල් අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කිරීමට ද කටයුතු කරන බව ඇමතිවරිය ප්‍රකාශ කරයි.

තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය –

ඔබ කරනු ලබන සේවාව වෙනුවෙන් රජයක් හැටියට අපෙන් ඔබට වගකීමක් වෙනවාද යන්න පිළිබඳ සැකයක් මතුවෙනවා.ඔබ කරනු ලබන මේ ගෞරවාන්විත සේවාව රටට ලබාදෙන විශාල දායකත්වයක් බව කිව යුතුයි.නඩු හත් ලක්ෂ පනස් දහසක් පමණ අද වන විට අධිකරණවල ගොඩ ගැහිලා තියෙනවා.මේ පිළිබදව අපි අවධානය යොමු කළ යුතුයි.අපි නීතිඥයින් වගේම එම වෘත්තිය ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා වගේම නඩු කල්යාම පිළිබදවත් කල්පනා කළ යුතුයි. නඩු කල්යාම පිළිබදව අපිට සන්තෝෂ වෙන්න බැහැ.මේ රටේ තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම ගැටළුවක් ඇති වුවහොත් නඩු කල්යාම තුළ විවිධ දුෂ්කරතාවයන්ට ජනතාව පත් වෙනවා.
වසර 28 කට පෙර පටන් ගත් සමථ සංකල්පය තුළින් විශාල සේවාවක් සිදුවීම පිළිබදව මා හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.රටේ පවතින හැම ගැටළුවක්ම උසාවියට ගියා නම් සමාජයේ වන අසහනය මොන තරම් ද කියලා හිතාගන්නවත් බැහැ.වසර 28 කට පෙර පටන්ගත් සමථකරණය අද වන විට විශාල වෘක්ෂයක් බවට පත්ව තිබෙනවා. ඉඩම් ආරවුල් විසදීම සදහා සමථකරණය, විදේශගත ශ්‍රමිකයින් සදහා ඇති ගැටළු විසදීම සදහා වන සමථකරණය, පාසල් ළමුන් දැනුවත් කිරීම සදහා සමථකරණ වැඩපිළිවෙල අගය කළ යුතුයි.විදෙස්ගත ශ්‍රමිකයින්ට විවිධ ප්‍රශ්න තිබෙනවා ඒ පිළිබද මා විදේශ රැකියා කටයුතු පිළිබද අමාත්‍යවරිය ලෙස කටයුතු කළ නිසා හොදට දන්නවා.ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සදහා සමථකරණ වැඩ පිළිවෙළක් පැවතීම විශාල පිටිවහලක්.පාසල් අතර සමථකරණය ව්‍යාප්ත කිරීම ඉතා වැදගත්.මොකද පාසල් ළමුන් අතර විවිධ
ගැටළු ඇති වෙන යුගයක් බවට අද මේ කාලය පත් වෙලා තිබෙනවා.ඔවුන් අතර පාසලේ උත්සවයක් පැවතුණත් ඔවුන් අතර ගැටුම් ඇතිවෙනවා..
විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා නීතිය පිළිබදව පාසල් ළමුන් දැනුවත් කරන්න.නීතිය ඉගැන්වීම සම්බන්ධව පාසල් අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් කරන්න.පාසලේ 6,7 වගේ වසර වලදී රටේ නීතියට සියලු දෙනා යටත් බවටත්, රටේ මූලික නීතිය පිළිබදව අවබෝධය ලබා දෙන්නත්, 9,10,11 වසරවලදී රටේ අපරාධ නීතිය සිවිල් නීතිය පොදු දේපළට හැනි කිරීම පිළිබදව ළමුන් දැනුවත් කිරීමට විෂය මාලාවට ඇතුළත් කරනවා .මත් කුඩු ව්‍යාපාරය පිළිබදව මේ වන විට දරුවන්ට අවබෝධයක් නැහැ .අද වන විට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා .දණ්ඩ නීති සංග්‍රහය තුළ තිබෙනවා මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම ඒ සදහා දිය යුතුයි .දණ්ඩ නීති සංග්‍රහය පිළිබදව අවබෝධයක් ළමුන් අතර ඇති කිරීම වැදගත් වෙනවා .
විශේෂයෙන් අපි අතර තිබෙන අසමගිකම් දුරු කරගන්න ජාති ආගම් වශයෙන් සමගිව සිටින්න ශ්‍රී ලාංකිකයින් ලෙස කල්පනා කළ යුතුයි. සමගිය තුළින් අපේ රටේ හැම දේකටම විශාල දායකත්වයක් ලැබෙනවා.
සමථ මණ්ඩලය සදහා එන නඩුවල මුල්‍යමය වටිනාකම රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කිරීම තුළින් මුල්‍ය ගැටළු ඒම තුලින් විශාල ගැටළුවක් බවට පත්ව තිබෙන බව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා කිවුවා .මේ නිසාම සාමාන්‍ය ආරවුල් විසදීම ප්‍රමාද වෙලා කියලා එයටත් විසදුම් ලබා දිය යුතුයි.මොක ද උසාවියට ගිහිල්ලා ලක්ෂ පහක ආරවුලක් විසදගන්න ගියොත් නඩුව අවසන් වෙනකොට ලක්ෂ පහක මුදලක් ම වැය වෙනවා.

අපේ රටේ සමථකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සදහා ආසියා පදනම, යුරෝපා සංගමය අපිට විශාල දායකත්වයක් ලබා දෙනවා .එය අපි අගය කළ යුතුයි.විශේෂයෙන් අපේ රටේ සමථකරණය පිළිබදව වෙනත් රටවල අගය කිරිමට ලක්ව තිබෙනවා. එය අපිට ගෞරවයක්…

අධිකරණ හා බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රි විජයපාල හෙට්ට්ආරච්චි අදහස් දක්වමින් සදහන් කළේ ස්වේච්ඡාවෙන් තම කාලය, වෙහෙස කැප කරමින් සමථ මණ්ඩල සාමාජිකයින් කරනු ලබන සේවාව අගය කරන බවයි. සමථ මණ්ඩල වෙත ඉදිරිපත් වන පැමිණිලි ද උසාවි වෙත යොමු වූවානම් නඩු ප්‍රමාදය ඉතා බරපතල වනු ඇති බවත්, ජනාධිපතිවරයා සහභාගි වී සමථකරුවන්
ඇගයීමට කටයුතු කිරීම මගින් එතුමාගේ මේ පිළිබඳ ඇති අගය කිරීම පැහැදිලි වන බවත් ඔහු පැවසී ය.

මහා සංඝරත්නය හා අනෙකුත් ආගමික නායකයින් මේ රටේ ආරවුල් විසඳීම සදහා කටයුතු කර ඇති ආකාරය පිළිබද සිහිපත් කළ මන්ත්‍රිවරයා සඳහන් කළේ දුටුගැමුණු රජතුමා සහ එතුමාගේ සහෝදරයා අතර පැවති ගැටුමක් සමථයකට පත්කිරීම සදහා මහා සංඝරත්නය කටයුතු කර ඇති බවයි.

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් රාජනී අතපත්තු,ආසියා පදනමේ නේවාසික නියෝජිත දිනේෂා සිල්වා එහි දී අදහස් දැක්වූ හ.

දිවයින පුරා සමථ මණ්ඩල නියෝජනය කරමින් සමථකරුවන් 1500 ක් පමණ මෙම උත්සවය සදහා එක් ව සිටි අතර සමථකරුවන් අගය කරමින් ඔවුනට උපහාර ද පුදන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/04/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%82%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%81/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *