පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනේ

විදේශ සබඳතා

පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජනරාල් ඉක්‍රම් උල් හක් (විශ්‍රාමික) ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න හමු වේ.

ඔක්තෝබර් 03 වැනි දා දෙපළ අතර හමුව ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විණ.

දෙපළ අතර සුහල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස මෙහි පැමිණ ඇත්තේ 05 වැනි වරටත් පැවැත්වෙන පාකිස්ථාන – ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක සමුළුවට සහභාගි වීම පිණිස ය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් මෙම හමුවට එක් වන ලදී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/04/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *