මුද්දර දැක්මක් සහ ප්‍රදර්ශනයක්

රටතොට

මහනුවර මුද්දර දැක්ම සහ ප්‍රදර්ශනය ඇරඹේ.

ලෝක තැපැල් දිනයට සමගාමී ව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය එය සංවිධාන කරයි.

ප්‍රදර්ශනය ඔක්තෝබර් 04,05,06,07 යන දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා මහනුවර තැපැල් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව තැපැල් අමාත්‍යාංශය කියයි.

එහි දී මෙරට ප්‍රථම මුද්දරය සහ වැඩි ම වටිනාකමින් යුත්,දුර්ලභ,තේමාත්මක මුද්දර ප්‍රදර්ශනය කෙරෙන අතර,දේශීය මුද්දර අලෙවිකරුවන්ගේ කුටි සහ මුද්දර කාර්යාංශයේ අලෙවි කුටි ද වේ.

මුද්දර විනෝදාංශය පිළිබඳ උපදේශන සේවා සහ ඔබේ රුවටත් මුද්දරයක් පුද්ගලකාරක මුද්දර මුද්‍රණ සේවය ද,අන්තර්ජාල මුද්දර මිල දී ගැනීමේ සේවය ද එහි ක්‍රියාත්මක ය.

පාසල් සිසුන්ගේ මුද්දර ප්‍රදර්ශක නිර්මාණ සහ තරග ද අදාල දිනවල එහි දී ක්‍රියාත්මකයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/04/%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *