ජාතික පරිසර සමුළුව මන්නාරම දී

පාරිසරික

2018 පරිසර සමුළුව සහ වනරෝපා රුක්රෝපණ වැඩසටහන ඇරඹේ.

බලය සහ ධනය මෙහෙයවන තනතුරු රැසක් පසෙක ලා තමා පරිසර අමාත්‍යාංශය තෝරාගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු
සත්ත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරුන් ජනාධිපතිධුරයට පත් වූ වහා මුදල් අමාත්‍යාංශය තමා යටතට පවරාගත්ත ද තමා එසේ
නොකරමින් ජනාධිපතිධුරයේ අසීමිත බලතල ද පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ බව ඔහු සිහිපත් කළේ ය.

මතු පරපුර වෙනුවෙන් පරිසරය රැකගැනීමේ වගකීම ඉටුකිරීම සඳහා පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගත් බව ද
05 වැනි දා පෙරවරුවේ මන්නාරම නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමින් ඔහු පෙන්වා දේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර විනාශය වත්මන් මිනිසාගේ පැවැත්මට බරපතල තර්ජනයක් වී ඇති බවත් මිනිසා, සතා සීපාවා ඇතුළු සියලු සත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැකගැනීම අත්‍යවශ්‍ය බවත් ය.

මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන පරිසරය දරුවෙකු සේ රැකගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු පරිසරය
විනාශ කර දැමීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කරයි.

යම් දිස්ති‍්‍රක්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳ එම දිස්ති‍්‍රක්කයේ සියලු රාජ්‍ය නිලධාරින් වග කිවයුතු බව ද
අවධාරණය කළ හෙතෙම නීතිය කි‍්‍රයාත්මක කිරීමේ දී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේනම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

පරිසරය රැකගැනීම වෙනුවෙන් වූ සියලු ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට වත්මන් ශ‍්‍රී ලංකාව අනුගත ව සිටින අතර, පරිසරය රැකගැනීමේ දී ප‍්‍රමුඛ වූ තිරසර සංවර්ධන අරමුණු ජයගැනීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩකොටසක් ඉටුකෙරෙන බව ජනාධිපතිවරයා පෙන්වා දේ.

සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය කරමින් මෙවන් පරිසර සමුළු පවත්වන්නේ දිස්ති‍්‍රක් මට්ටමින් වන පරිසර ගැටළු විසඳාගැනීමට බව ද සඳහන් කළ හෙතෙම ඒ වෙනුවෙන් සියලුදෙනා කි‍්‍රයාකාරී ව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව වැඩිදුරටත්
අවධාරණය කළේ ය.

පරිසර ප‍්‍රතිඥාව කියවීමෙන් අනතුරුව ජාතික පරිසර සමුළුව ඇරඹිණි.

පාසල් ළමුන් අතර පැළ බෙදාදීමේ වැඩසටහන සංකේතවත් කිරීමත්,පරිසර දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් පැවති තරගවල ජයග‍්‍රාහී සිසු සිසුවියන්ට තිළිණ ප‍්‍රදානයත් සිදු කරන ලදදේ ජනාධිපතිවරයා විසිනි.

අමාත්‍ය මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, රිෂාච් බදියුදීන්, රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම,වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන් පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක,මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

මේ අතර 2018 ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය ද එදින පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්
මන්නාරම, මඩුපාර, තම්පනකුලම් ප‍්‍රදේශයේ දී සිදු විය.

රාජ්‍ය අනුග‍්‍රහය සහිත ව දීපව්‍යප්ත ව පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත්කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කර
ගනිමින් ජනපති මඟපෙන්වීමට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් එය කි‍්‍රයාවට නංවා තිබේ.

පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වනරෝපා ජාතික වැඩසටහන කි‍්‍රයාත්මකයි.

ශ‍්‍රී ලංකාවේ වන ආවරණය 32‍% දක්වා ඉහළ නංවාගැනීම හා දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමත්, නීල හරිත
යුගයක් කරා රට ගෙන යාමත් අරමුණ වේ.

ජන සහභාගිත්වය හා ආයතනික දායකත්වය මගින් මෙම වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා ළගාවීම දිරි ගන්වමින් ඔක්තෝබර් මාසය ජාතික රුක්රෝපණ මාසය ලෙස නම් කොට ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2018 වනරෝපා ජාතික වැඩසටහනට සමගාමී ව දිවයින පුරා විවිධ ස්ථානවල පැළ මිලියන 2 කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාදීමට කටයුතු යොදා තිබේ.

කොහොඹ පැළයක් රෝපණය කරමින් 2018 වනරෝපා ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කිරීම ජනාධිපතිවරයා
අතින් සිදු කෙරිණ.

මීට සමගාමි ව පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් පැළයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/05/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%bb-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *