අගමැති නෝර්වේ උත්තර මණ්ඩලයේ

දේශපාලන

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනී ටූනෙ විල්හෙල්ම්සන්
ටෲන් අතර 05 වැනි දා පැවති සාකච්ඡාවේ දී ඒ බව අවධාරණය කෙරිණි.

එදින පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ දී අගමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සභාපතිනිය ඇතුළු කාර්යය මණ්ඩලය විසින් පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන යන ලදී.

සභා ගර්භයේ දී එරට මන්ත්‍රණ සභා ඉතිහාසය හා සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් ඇය කරුණු පැහැදිලි කළා ය.

ඇයගේ නිල කුටියේ දී සාකච්ඡා ඇරඹි අතර,ශ්‍රී ලංකා දේශපාලනයට වැඩි කාන්තා දායකත්වයක් ලබාදීම වෙනුවෙන් නව නීති රීති පැනවීම පිළිබඳ සභාපතිනිය ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාව පළ කරන ලදී.

ශ්‍රී ලංකාවේ සිදු කිරීමට යෝජිත අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද ඕ කරුණු විමසුවා ය.

ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා වන රජයේ වැඩපිළිවෙල පැහැදිලි කළ අගමැති වික්‍රමසිංහ, වසර 13 ක අනිවාර්යය අධ්‍යාපනය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පාසල හැරයාමට සිදුවන සිසුන් සියලු දෙනාට එමගින් නව අනාගත අපේක්‍ෂා ඇති කරගැනීමේ මාවතක් විවිර වන බව පෙන්වා දුන්නේ ය.

2015 වසරේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වූ පසු, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම
උදෙසා එළමි ක්‍රියාමාර්ග ද ඔහු පැහැදිලි කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ අවස්ථාවට එක් වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/08/%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%9d%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *