ජනපති සීෂෙල්ස් හි රාජ්‍ය සංචාරයක

දේශපාලන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් අරඹයි.

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ ගේ ආරාධනයක් මත එය සංවිධාන කෙරිණ.

හෙතෙම 08 වැනි දා අළුයම සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ළඟා වූ අතර, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගන්නා ලදී.

සීෂෙල්ස් හි කැබිනට් හා මහජන සේවා පිළිබඳ රාජ්‍ය ලේකම් මොහොමඩ් අෆීෆ්, සීෂෙල්ස් තානාපති සේවයේ ප්‍රධානී හා සීෂෙල්ස් රාජ්‍යයේ රුසියානු තානාපති ව්ලැඩිමීර් බෙලොස්, ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රාඩ් මෙදරික්, සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන්තොටුපොලට පැමිණ සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/08/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%93%e0%b7%82%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b7%92-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *