ජාතික වුෂු තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවුක හමුදාවට හිමි වේ.
තරගාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙ දී ඉකුත් ඔක්තෝබර් 02 වැනි දා සිට 04 වැනි දා දක්වා පැවැත්වූයේ 16 වැනි වරට ය.
ඒ සඳහා දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ හ.
සමස්ත තරගාවලියේ රන් පදක්කම් 39 න් 24 ක් දිනාගැනීමට නාවුක හමුදා වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වන ලදී.
තරගාවලියේ තාවුලු පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට බල නැවි කේසීඑච් කුමාර සමත් වූ අතර, බල නැවි එස්ආර් කුමාර සන්ද්‍ර පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තේ ය.
සන්ද්‍ර අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිම් සම්මානය බල කාන්තා නැවි එස්පීඊආර් දිල්හානි දිනා ගත්තා ය.
ක්‍රීඩා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, එච්.ටී. කමල් පද්මසිරි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එම අවස්ථාවට සහභාගි වන ලදී.