කොළඹ ගුවන් සම්මන්ත්‍රණය මෙවරත්

හමුදා තොරතුරු

කොළඹ ගුවන් සම්මන්ත්‍රණය 2018,ඔක්තෝබර් 18 සහ 19 දෙදින පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

මෙවර එහි තේමාව වන්නේ 21 වැනි ශත වර්ෂයේ ගුවන් බලය වේ.

ශ්‍රී ලංකාවේ භූ මූලෝපායික වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග මැයෙන්,විද්වතුන්ගේ දායකත්වයෙන් අදාල දැනුම හුවමාරු කරගැනීම පිණිස සම්මන්ත්‍රණය සංවිධාන කළ බව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති පැවසී ය.

ඒ 10 වැනි දා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී අදාල සම්මන්ත්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමතමිනි.

අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සම සම්මන්ත්‍රණ ශාලාවේ දී එය පැවැත්වෙන්නේ 04 වැනි වරට ය.

දිවයිනේ සියලු අංශයන් හි ආරක්ෂාව උදෙසා ගුවන් බලයේ කාර්යය විමසීමට සම්මන්ත්‍රණය මගින් අවස්ථාව උදා කර දේ.

මෙවර සමුළුව සඳහා රටවල් 20 ක විදේශ නියෝජිතයින් 40 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත අතර,වැඩි ම විදේශීය නියෝජිතයන් පිරිසක් සහභාගිවීමට නියමිත සම්මන්ත්‍රණයයි.

ඊට අමතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව,නාවුක හමුදාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂවරයාගෙන් සමන්විත පර්යේෂණ කර්තෘවරුන් දේශීය ව දායක වනු ඇත.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/10/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *