මානසික සෞඛ්‍ය උපකාරක සේවාවක්

සෞඛ්‍යය

ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව ඇරඹේ.

අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී 15 වැනි දා එය ආරම්භ විය.

එහි ක්ෂණික අංකය 1926 වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග ඒකාබද්ධ ව මෙම උපකාරක සේවාව නොමිලේ ක්‍රියාත්මක කෙරෙයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් රෝහලේ පැවැති උත්සවයක දී උපකාරක සේවාව ආරම්භ කෙරිණ.

රෝහල 1926 වසරේ ඉදි කර ඇති අතර, එම වර්ෂය ම උපකාරක සේවාවේ දුරකතන අංකය ලෙස භාවිත වේ.

එමගින් දිවයිනේ ඕනෑ ම ප්‍රදේශයක සිට මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි ය. අනතුරුව ප්‍රතිකාර සේවා සඳහා යොමු කරනු ලැබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/16/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%83%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%8b%e0%b6%b4%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b7%83%e0%b7%9a%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *