මානසික සෞඛ්‍ය දිනය සමරමින්

රටතොට

ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් සංකේතය වන සමනල රුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැළඳ වේ.

‍කොළඹ ජනාධිපති කාර්යාලයේ දී 16 වැනි දා පෙරවරුවේ එය සිදු කෙරිණ.

මෙවර වෙනස් වන ලෝකයේ යෞවනය සහ මානසික සෞඛ්‍යය යන තේමාව යටතේ ශ‍්‍රී ලංකාවේ දී එය සැමරෙයි.

ඒ නිමිත්තෙන් මානසික සෞඛ්‍ය සේවාලභීන්ගේ කි‍්‍රයාකාරි ජාලය විසින් දීපව්‍යප්ත ව වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

වර්තමානයේ මානසික සෞඛ්‍ය පිරිහීම වේගයෙන් ව්‍යප්ත වන බැවින්, ඒ පිළිබඳ ලෝක ප‍්‍රජාව දැනුවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තෝබර් 10 වැනි දා ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ කි‍්‍රයාකාරි ජාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් නානායක්කාර විසින් ප‍්‍රථම සැමරුම් ලාංඡනය ජනාධිපතිවරයා හට පැළඳ වී ය.

මනෝ සමාජීය ආබාධ සහිත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, මානසික රෝග වැළැක්වීම, ප‍්‍රතිකාරවල
ගුණාත්මක බව ඉහළ නැංවීම සහ ප‍්‍රජාවේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා ජනාධිපති කාර්යයසාධක බලකායක්
පත්කරන මෙන් ඉල්ලා මානසික සෞඛ්‍ය සේවාලභීන්ගේ කි‍්‍රයාකාරි ජාලය ආසියා ශාන්තිකර කලාපයේ
රටවල් 25 ක මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ සංවිධාන සමග එක් ව 2018 අගෝස්තු මාසයේ දී ඉන්දුනීසියාවේ
බාලි දූපතේ දී ප‍්‍රකාශයට පත් කළ බාලි ප‍්‍රකාශනය ද ඔහු වෙත පිළිගන්වන ලදී.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක, ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක
විශ්වවිද්‍යාල රෝහල් මනෝ වෛද්‍ය විශේෂඥ වෙද්‍ය ජයාන් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/16/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%83%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b6%b8%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *