බස්නාහිර පැමිණිලි ගැන අවධානය

ප්‍රදේශීය

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේ දී නැවත සංශෝධනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු වේ.

ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

රේඛීය අමාත්‍යාංශය විසින් සැකසූ 2019 වසර සදහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාල ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේ යම් සංශෝධනයක් සිදු කිරීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කිරීම හේතුවෙන් විදුහල්පතිවරුන් සහ මාපියන් ගැටළු රැසකට මුහුණ පා ඇති බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා අදාල උපදෙස් ලබා දී ඇත.

රේඛීය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ සංශෝධනය කිරීමේ බලය ද රේඛීය අමාත්‍යාංශයට පැවරී ඇති අතර බස්නාහිර පළාත් සභාව විසින් අත්තනෝමතික ව සහ නීතිවිරෝධී ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිව මෙම සංශෝධන සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/17/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%bd%e0%b7%92-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%85%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *