රනිල් ට විදේශ රටවල සහාය

දේශපාලන

විදෙස් තානාපතිවරු රැසක් අගමැති රනිල් රැකගැනීමට එක් ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.

ඔක්තෝබර් 27 වැනි දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු යුරෝපා සංගමයේ තානාපතිවරුන් ඔහු මුණ ගැසී තිබේ.

සිය පූර්ණ සහාය අගමැති රනිල් වික්‍රමසිංහ හට හිමි වන බව ඔවුන් ඔහු හට දැනුම් දී ඇත.

ඒ අතර සියලු ඉදිරි කටයුතු ව්‍යවස්ථානුකූල ව සිදුකරන මෙන් අදාල රටවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා රජයට තරයේ අවධාරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/27/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%bb%e0%b6%a7%e0%b7%80%e0%b6%bd-%e0%b7%83%e0%b7%84%e0%b7%8f%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *