යුද හමුදා පාපැදි සවාරිය නිමයි.

ක්‍රීඩා

ශ්‍රී ලංකා යුද හමුදා‘Ride with Pride’ පාපැදි සවාරිය සාර්ථක ව අවසන් වේ.

යුද්ධ හමුදාව 02 වැනි වරටත් සංවිධාන කළ පාපැදි සවාරියට පාපැදි ධාවකයින් රාශියක් එක් වූ හ.

කොළඹ ගාලුුමුවදොර පිටිය අසලින් 28 වැනි දා පෙරවරුවේ ආරම්භ වූ එය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ධජය ඔසවා නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ නිල වශයෙන් ඇරඹිණි.

යුද්ධ හමුදාව, නාවුක හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල් අංශ නියෝජනය වන පරිදි පාපැදි ධාවකයින් 200 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ දැවැන්ත පාපැදි සවාරිය යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ප්‍රධානි බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාගගේ මූලිකත්වයෙන්, එම කමිටුවේ සාමාජිකයින්ගේ සහායෙන් සංවිධාන කෙරිණ.

පාපැදි සවාරිය ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය, ආර් ඒ ද මෙල් මාවත, මොරටුව, පානදුර (පරණ ගාලු පාර) සහ වලාන හන්දියෙන් නැවත හැරි කටුබැද්ද, යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල අසලින් අවසන් විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/28/%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b7%8f%e0%b6%b4%e0%b7%90%e0%b6%af%e0%b7%92-%e0%b7%83%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *