නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දේ.

දේශපාලන

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති.

කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු 29 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හ.

එම නාම ලේඛනය –

කැබිනට් අමාත්‍යවරු

01- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍ය

02- නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

03- ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය

04- මහින්ද සමරසිංහ – වරාය හා නාවුක කටයුතු අමාත්‍ය

05- මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

06- රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

07- විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

08- විජිත් විජයමුණි සොයිසා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථීක කටයුතු

09- ෆයිසර් මුස්තාෆා – පළාත් සභා, පළාත් පාලන හා කී්‍රඩා අමාත්‍ය

10- ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
අමාත්‍ය

11- ආරුමුගම් තොණ්ඩමන් – උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය

12- වසන්ත සේනානායක – සංචාරක සහ වනජීවි අමාත්‍ය

13- රාජ්‍ය අමාත්‍ය, වඩිවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

14- නියෝජ්‍ය අමාත්‍ය , ආනන්ද අලූත්ගමගේ – සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/29/%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%bb/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *