පාර්ලිමේන්තුව කල් තැබේ.

පාර්ලිමේන්තුව කල් තැබේ. නොවැම්බර් 23 වැනි දා පෙරවරු 10.30 දක්වා එය කල් තැබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සභාව අමතමින් පැවසී ය. කතානායක කරු ජයසූරිය 19 වැනි දා පාර්ලිමේන්තුවට නොපැමිණි හෙයින් නියෝජ්‍ය කතානායකවරයා අදාල කටයුතු මෙහෙයවන ලදී. එදින පස්වරු 1.00 ට ඇරඹි පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට පමණක් සීමා විය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එජාපය ජනපති කාර්යාලයට යාමේ සූදානමක්

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණ ඒ බව තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසේ. ඒ අනුව 19 වැනි දා පෙරවරු 10.00 ට වත්මන් ආණ්ඩුවට එරෙහි මන්ත්‍රීවරුන් 113 දෙනෙකුට අධික පිරිසක් සහ ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශ සමග කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ජනාධිපතිවරයා 18 වැනි දා පස්වරුවේ කැඳවූ සර්වපාක්ෂික හමුව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාර්ලිමේන්තුවට අත දාන්න ජනපතිට අයිතියක් නෑ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන මෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යෝජනා කරයි. ජනාධිපතිවරයා සාකච්ඡා කළ යුත්තේ දේශපාලන පක්ෂ සමග නොව සිය හෘදසාක්‍ෂිය සමග බව එහි නායක අනුර කුමාර දිසානායක පෙන්වා දේ. බලහත්කාරී අන්දමින් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ අදාල බලධාරීන්ට එරෙහි නඩුවලින් බේරීම පිණිස පමණක් බව 18 වැනි දා පස්වරුවේ බත්තරමුල්ල,පැලවත්තේ සිය පක්ෂ මූලස්ථානයේ දී ජනමාධ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජනපති,දේශපාලන පක්ෂ හමුවක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වේ. පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඔවුන් කැඳවන ලදී. පැය දෙකකට ආසන්න කාලයක් සාමකාමී ව 18 වැනි දා පස්වරුවේ එය පැවති බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් 19 වැනි දා පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහජන සේවා දුර්වල කරන්න එපා!

රාජ්‍ය අංශය දුර්වලවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ‍දේ. අදාල කටයුතු සහ මහජන සේවා කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතබා, නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත් ව සහ කර්යක්ෂම ව එම කටයුතු ඉදිරියට මෙහෙයවන මෙන් ඔහු ඉල්ලා සිටී. අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග 17 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජවිපෙ,සාකච්ඡාවට පෙර ජනපතිට ලියයි.

රට වෙනුවෙන්,තමා විසින් ම ඇරඹූ අර්බුදය නිමවීමට ජනාධිපතිවරයා හට ආත්මශක්තියක් ඇතැයි තමන් විශ්වාස කරන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. පාර්ලිමේන්තුවේ වන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 18 වැනි දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන මෙන් තම පක්ෂයට ලද ආරාධනාව අනුව,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් පක්ෂය ඒ බව සඳහන් කර ඇත. වත්මන් පාර්ලිමේන්තු අර්බුදය ජනාධිපතිවරයාගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෞරුෂය කියන්නෙ චණ්ඩිකම් නෙවෙයි!

බහුතරයක් නොමැති අගමැතිවරයා හට ඉල්ලා අස්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. පාර්ලිමේන්තුව තුළ මතු ව ඇති අර්බුදය විසඳනු පිණිස ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බව ඔහු පෙන්වා දේ. යම් පිරිසක් එම උත්සාහය කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ ද මෙම තත්ත්වය කඩිනමින් විසඳාගැනීම ජනතා අපේක්ෂාව බව හෙතෙම සඳහන් කළේ ය. මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවක දී වැඩිදුරටත් අදහස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සර්වපාක්ෂික හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සර්වපාක්ෂික හමුවක් කැඳවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් එය 18 වැනි දා පස්වරු 05.00 ට කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ. ඉකුත් දිනවල පාර්ලිමේන්තුව තුළ සිදු වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු නිසි සේ පවත්වාගෙන යාම පිණිස සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීම අරමුණයි. ජනාධිපති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලක්ෂ 250 ක හෙරොයින් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 250 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වේ. කොටහේන ෆැරඩයිස් ක්‍රීඩාංගණය අසල දී 17 වැනි දා රාත්‍රියේ අදාල වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ලද තොරතුරක් මත කොළඹ දිසා දූෂණ මර්ධන වැල්ලවත්ත ඒකකය විසින් අදාල මෝටර්රථය පරීක්ෂා කර එක් සැකකරුවෙකු හා හොරොයින් කිලෝග්‍රෑම් 02.8 ක් අත්අඩංගුවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බලය ඉල්ලන අයගේ ඇත්ත කතාව

පසුගිය ඔක්තෝබර් 26 වන දා හවස් යාමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන මොහොතේ යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ එජාපයේ ප්‍රධාන පෙලේ නායකයින් කිසිවෙකු හෝ ඒ පිළිබඳව දැන සිටියේ නැත. මෛත්‍රීපාල සිරිසේන,මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ඔවුන්ගේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කළ ලක්ෂ්මන් පෙරේරා පමණක් මෙම සිද්ධිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න