ජනාධිපති මගෙ තීන්දු ගැන දන්නවා..

සෞඛ්‍යය

සෞඛ්‍ය අමාත්‍යධුරය සඳහා කිසිවෙකු තමා හට ඇරයුම් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

අරලියගහ මන්දිරයේ 06 වැනි දා පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා –

“සෞඛ්‍ය අමාත්‍යධූරයට මම පත් කරන්න එපා කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යධුරය බාරගන්න කියලා කවුරුත් මට කථා කළේ නැහැ.

මම ගන්න දේශපාලන තීන්දු ගැන ජනාධිපතිවරයා හොඳට දන්නවා. මම ගන්නේ පෞද්ගලික තීන්දු නොවෙයි. මම ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා. ඇමැතිකම් තිබුණත් නැතත් ජනතාවට සේවය කරනවා. පසුගිය වසර තුනහමාර පුරා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට දුප්පත් රෝගීන් වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අරගෙන ඒවා ක්‍රියාත්මක කළා. ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදිම, පිළිකා රෝගීන්ට සහන සැලසීම ඇතුළු සහන රැසක් ලබාදුන්නා. දැන් එම සහන රෝගීන්ට ලැබෙනවා ද කියලා තමයි සොයා බලන්න ඕනි. කෑ ගහලා වැඩක් නැහැ.

ඖෂධ මිල අඩු කිරිම නිසා ඖෂධ සමාගම් මා සමග තරහින් ඉන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඖෂධ සමාගම් උදව් කරනවා ඇති. එම සංගමයේ සුළු පිරිසක් තමයි කෑ ගහන්නේ. තවත් සමහරු ඖෂධ සමාගම් වලින් මුදල් අරගෙන ඇති. වෛද්‍යවරු විදිහට සෞඛ්‍ය සේවාව තුළ ගත් තීන්දු තීරණ අගය කළ යුතුයි. මෙම සංගමයේ ඇතැම් වෛද්‍යවරුන් දේශපාලනය තමයි කරන්නේ.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට මම සූදානම් ව සිටියා. ඊට එරෙහිවත් සමාගම් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා. එම රෝහල් සමාගම් ද මට විරුද්ධයි. ඔවුන් ද සල්ලි දෙන්න ඇති ඇ.ති. මම කාටවත් වෛර කරන්නේ නැහැ. දුම්කොළ පාලනය කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ගත්තා. එම තීන්දු තීරණ පිළිබඳ වෛද්‍යවරුන් දැනගත යුතුයි. ක්‍රියා කළ යුතුයි. බොරුවට කෑ ගහලා වැඩක් නැහැ.”

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/06/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%9c%e0%b7%99-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *