නව අමාත්‍යාංශ ලේකම්වරුන්

රටතොට

නව අමාත්‍යාංශ ලේකම්වරුන් 02 දෙනෙක් පත් කෙරෙති.

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 07 වැනි දා චරිත හේරත් පත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අදාල පත්කිරීම සිදු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා පත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන ලදී.

ඇය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම එදින ම කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ලබාගත්තා ය.

මේ අතර,ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී.හිටිසේකර පත් කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/07/%e0%b6%b1%e0%b7%80-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%82%e0%b7%81-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *