එජාපය ජනපති කාර්යාලයට යාමේ සූදානමක්

දේශපාලන

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණ ඒ බව තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසේ.

ඒ අනුව 19 වැනි දා පෙරවරු 10.00 ට වත්මන් ආණ්ඩුවට එරෙහි මන්ත්‍රීවරුන් 113 දෙනෙකුට අධික පිරිසක් සහ ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශ සමග කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

ජනාධිපතිවරයා 18 වැනි දා පස්වරුවේ කැඳවූ සර්වපාක්ෂික හමුව අවසානයේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බැව් සඳහන් කළේ ය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයකගේ විශ්වාසයක් නොවන බව තහවුරු කිරීම පිණිස එම පියවරට එළඹි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ එතරම් ප්‍රසාදයක් නොවූ බව ද ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අවසාන තීරණය පාර්ලිමේන්තුව තුළ විය යුතු බවත්,එය අභියෝගයට ලක් කිරීමට අධිකරණයට හෝ ජනාධිපතිවරයාට නොමැති බවත් ඔහු පෙන්වා දේ.

ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය අනුමැතිය ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/18/%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ba%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *