ජනපති,දේශපාලන පක්ෂ හමුවක්

දේශපාලන

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වේ.

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඔවුන් කැඳවන ලදී.

පැය දෙකකට ආසන්න කාලයක් සාමකාමී ව 18 වැනි දා පස්වරුවේ එය පැවති බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් 19 වැනි දා පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයකට එළඹීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොර ව කටයුතු
කිරීමටත් මෙහි දී එකඟතාවක් ඇති විණ.

රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දේ.

එය තමාටත්, රටේ මහජනතාවටත්, අන්තර්ජාතිකවත් වඩා පිළිගත හැකි ක‍්‍රමය බව පෙන්වා දුන් හෙතෙම රජයක් වෙනස් කිරීම වැනි ප‍්‍රබල කාරණා පිළිබඳ තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන් වුව ද,මන්තී‍්‍රවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කාලෝචිත නොවන,විනිවිදභාවයක් නොමැති තත්ත්වයක් බව සඳහන් කරයි.

සර්ව පාක්ෂික සාකච්ඡාවට ආරාධනා ලද සියලු පාර්ශ්ව සාකච්ඡාවට සහභාගි වූ අතර,ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව තමා හට දන්වා තිබූ බැව් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/18/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *