පෞරුෂය කියන්නෙ චණ්ඩිකම් නෙවෙයි!

දේශපාලන

බහුතරයක් නොමැති අගමැතිවරයා හට ඉල්ලා අස්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

පාර්ලිමේන්තුව තුළ මතු ව ඇති අර්බුදය විසඳනු පිණිස ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බව ඔහු පෙන්වා දේ.

යම් පිරිසක් එම උත්සාහය කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ ද මෙම තත්ත්වය කඩිනමින් විසඳාගැනීම ජනතා අපේක්ෂාව බව හෙතෙම සඳහන් කළේ ය.

මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවක දී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා –

රටම අරාජික තත්ත්වයට පත්වෙලා. පාර්ලිමේන්තුව තුළ පසුගිය දෙදින තුළ ගැටළු ඇති කළේ සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නැති අයයි. ඔවුන්ගේ රැකියාව කසිප්පු පෙරීම, කසිප්පු විකිණිම, මාළු විකිණීම, මුහුදු වැල්ලේ විවිධ රැකියා.. ඒ අය තමයි මරු කල්ලියක් වී පාර්ලිමේන්තුව නොසන්සුන් කළේ.

ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. පසුගිය කාලයේ දී ශාන්තදාන්තව සිටි මෙම මන්ත්‍රීවරුන් කොටි පැටව් වගේ නටනවා. ඒ ඔවුන්ට එරෙහිව ඇති මනුෂ්‍ය ඝාතන, මුල්‍ය අපරාධ, නඩු විභාග වන නිසයි. එම නඩු වලින් බේරීම සදහා තමයි මෙම රජය හදාගත්තේ. ඔවුන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය, කතානායකවරයාගේ සම්ප්‍රදාය හොඳින් දන්නේ නැහැ.

හිටපු ජනාධිපතිවරයාත් තම කිර්තිනාමය මෙමගින් විනාශ කර ගත්තා. ජනාධිපතිධුරය දරා අගමැතිධුරය දැරිමට උනන්දුවක් දක්වන්නේ කෑදරකම නිසයි. එම කෑදරකම මුළු ලෝකයටම පෙන්නුවා. බහුතරය ඔවුන්ට නැහැ. ව්‍යවස්ථාවට ගරු කරලා බහුතරය නොමැති අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්න කියා මම ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා වන අයුරින් කතානායකවරයා කටයුතු කළා. පෞරුෂය තිබෙන්නේ චණ්ඩිකම් වල නොවෙයි. තම ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව උගන්ඩාවේ පාර්ලිමේන්තුව සමග සංසන්දනය කරනවා. එය කණගාටුදායක තත්ත්වයක්. මෙම තත්ත්වය ජනාධිපතිවරයා කඩිනමින් විසඳනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා මාර්ගයෙන් එම ප්‍රශ්ණය විසදා ගන්න පුළුවන්. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්කි පෙරමුණ, අනෙකුත් දේශපාලන පක්ෂ ඒ සඳහා සහයෝගය ලබාදෙනවා.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/18/%e0%b6%b4%e0%b7%9e%e0%b6%bb%e0%b7%94%e0%b7%82%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99-%e0%b6%a0%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *