මහජන සේවා දුර්වල කරන්න එපා!

දේශපාලන

රාජ්‍ය අංශය දුර්වලවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ‍දේ.

අදාල කටයුතු සහ මහජන සේවා කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතබා, නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත් ව සහ කර්යක්ෂම ව එම කටයුතු ඉදිරියට මෙහෙයවන මෙන් ඔහු ඉල්ලා සිටී.

අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග 17 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා අදාල උපදෙස් ලබා දුන්නේ ය.

රට තුළ පවතින දේශපාලන අර්කාබුදරි තත්ත්වය ඉදිරියේ දී නිරාකරණ වනු ඇති බව පැවසූ හෙතෙම, එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවා ශක්තිමත් ව ඉදිරියට ගෙන යාම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව පෙන්වා දේ.

සියලු රාජ්‍ය නිලධාරින් අපක්ෂපාතී ව සහ මධ්‍යස්ථ ව ඉදිරියට ද සිය වගකීම් ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළ ඔහු මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට පැමිණිලි ඉදිරිපත් නොවීම පිළිබඳ ද සිය සතුට පළ කළේ ය.

අමාත්‍යාංශ කටයුතුවල දී මතු ව ඇති ගැටළු කිහිපයක් පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා,එම සාකච්ඡාවේ දී ලබා දුන් විශේෂ උපදෙස් අනුව බාධාවකින් තොරව අදාල කටයුතු කි‍්‍රයාත්මක කරන මෙන් දැනුම් දෙන ලදී.

වරාය, විදුලිය,ඛනිජතෙල්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා කිසිදු අර්බුදයකින් තොර ව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළ හෙතෙම නිලධාරින්ට පෙන්වා දුන්නේ ඊට අදාල අද දවසේ ගතයුතු තීන්දු තිරණ නියමිත පරිදි නොගතහොත් ඉදිරි මාස 03,04 කින් රටක් වශයෙන් ගැටළු රැසකට මුහුණපෑමට සිදු වනු ඇති බවයි.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇතුළු ජනතා සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක රජයේ ප‍්‍රමුඛ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩ ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කරන මෙන් රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම කටයුතු අධීක්ෂණය කරන ලෙස තමා ආණ්ඩුකාරවරුන් හට උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළේ ය.

රටට ලැබී ඇති ප‍්‍රමාණවත් වර්ෂාපතනය ආශිර්වාදයක් කර ගනිමින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ඇතුළු කෘෂිකාර්මික වැඩසටහන් සාර්ථක කරගැනීමට කැප වන ලෙසත්,අදාල විෂයය භාර අමාත්‍යාංශවලට පමණක් සීමා නොවී සියලු රාජ්‍ය ආයතන බේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කමත් ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යාංශවල මුල්‍ය ප‍්‍රගතිය සහ දිස්ති‍්‍රක් වශයෙන් සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය මෙහි දී සමාලෝචනයට ලක් වූ අතර, ඉදිරිපත් වු ඇතැම් ගැටළු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසී ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/18/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%91%e0%b6%b4/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *