උතුරේ ආපදා සහන කඩිනමින්

ප්‍රදේශීය

කිලිනොච්චිය හා මුලතිවි ප්‍රදේශයන් හි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපලවලට අලාභානි රැසක් සිදු ව ඇතැයි වාර්තා වේ.

දැනටමත් කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් 1394 පමණ අවතැන් වී ඇති අතර, පුද්ගල සංඛ්‍යාව 4649 කි.

ඔවුන් සඳහා ප්‍රදේශයේ කදවුරු 26 ක නවාතැන් පහසුකම් සපයා ඇත.

මුලතිව් ප්‍රදේශයේ කඳවුරු 28 තුළ 4917 පමණ පිරිසක් රඳවා ඇති අතර පවුල් සංඛ්‍යාව 1619 පමණ වේ .

ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු , ආහාරපාන සහ වියළි සලාක ප්‍රදේශයේ දිසාපති, ප්‍රදේශීය ලේකම් හා ස්වේච්ඡා සංවිධාන මගින් ලබා දේ.

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවුක හමුදාව සහ පොලිසිය මෙහි දී විශේෂ සහයෝගයක් ලබා දෙන අතර ගුවන් හමුදාව නිරන්තර සෝදිසියෙන් පසුවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ විශේෂ මග පෙන්වීමෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ අදාල කටයුතු සිදු කෙරෙන අතර ඇතිවී ඇති ගංවතුර තත්ත්වය පහ ව යනතෙක් සියල්ල නිරීක්ෂණය කරමින් ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට නියමිත වේ.

‍දෙසැම්බර් 24 වැනි දා කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල දිසාපතිවරුන් හා අදාල සියලු රාජ්‍ය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහි දී විපතට පත්වූවන්ට හා ඔවුන්ගේ දේපල වලට වූ අලාභානි වෙනුවෙන් වන්දි ලබාදීම පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇත.

විශේෂයෙන් ගොවිතැන් කටයුතු සඳහා සිදු වූ අලාභානි පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ .

අපවිත්‍ර වූ නිවාස ,වෙළෙඳසැල්,පානීය ජල ළිං සහ වැසිකිලි පිරිසිදු කිරීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳ ද සාකච්ඡා කිරීමටත් ඒ සඳහා කඩිනම් පියවර ක්‍රියාවට නැංවීමටත් එහි දී කටයුතු කෙරෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/12/23/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b6%9a%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *