චීන ආරක්ෂක උපදේශක නාවුක හමුදාපති හමුව

හමුදා තොරතුරු

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශකවරයා නාවුක හමුදාධිපතිවරයා හමු වේ.

ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවුක කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි, ජනවාරි 04 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේ දී නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

එහි දී, චීන ආරක්ෂක උපදේශකවරයා නව නාවුක හමුදාධිපතිවරයා වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.

ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/01/05/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%8b%e0%b6%b4%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%9a-%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%9a-%e0%b7%84/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *